ලිංගික අල්ලස් චෝදනා ලද පාර්ලිමේන්තු මන්ත්‍රී සරසවි ආචාර්ය ඉස්මයිල්ගේ වැඩ තහනම්


විභාග සමත් කරදීම සඳහා ලිංගික අල්ලස් ඉල්ලූ බවට චෝදනා ලැබූ ඔලුවිල් විශ්වවිද්‍යාලයේ ආචාර්ය එස්.එම්.මොහොමඩ් ඉස්මයිල්ගේ වැඩ තහනම් කිරීමට එම විශ්වවිද්‍යාලයේ පාලක සභාව
ඒකමතිකව තීරණය කර ඇත.
චෝදනා එල්ලවීමත් සමඟ එම ආචාර්යවරයාට එරෙහිව පාලක මණ්ඩලය එක්වී පරීක්ෂණ කටයුතු ආරම්භ කළ අතර සාක්ෂි

සහිතව චෝදනා ඔප්පු වීම හේතුවෙන් ඔහුගේ වැඩ තහනම් කිරීමට පාලක මණ්ඩලය තීරණය කර තිබේ.
පසුගිය ජූලි 28දා රැස්වූ අග්නිදිග විශ්වවිද්‍යාලයේ (ඔලුවිල් සරසවිය) පාලක සභාව මේ තීරණයට එළැඹ තිබේ.
මේ වනවිට එස්.එම්.මොහොමඩ් ඉස්මයිල් ආචාර්යවරයා සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රිවරයකු ලෙස පාර්ලිමේන්තුවද නියෝජනය කරන්නෙකි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment