'බුදුන්ගේ රස්තියාදුව' තහනම් කරන්න ඇමති විජයදාස පොලිස්පතිට දන්වයි


බුදුන් වහන්සේට සහ බුදු දහමට නිග්‍රහ වන අයුරින් ලියා පළ කර තිබෙන 'බුදුන්ගේ රස්තියාදුව' නම් කෘතිය සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙස උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ඇමැති විජයදාස රාජපක්ෂ පොලිස්පති පූජිත් ජයසුන්දරගෙන් ඊයේ (20දා) ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.
එම ග්‍රන්ථයේ අන්තර්ගතය තුළ ඉතා පහත්
සහ නිහීන ලෙස බුදුන් වහන්සේට නින්දා හා අපහාස සිදුකර ඇති බවත් එම ග්‍රන්ථය මඟින් සමස්ත බුදු දහමම නිගාවට ලක් කර ඇති බවත් ඇමැතිවරයා යැවූ ලිපියේ සඳහන් වේ.


ශ්‍රී ලාංකේය මෙන්ම සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවම මේ ප්‍රකාශය නිසා මහත් කම්පාවකට හා චිත්ත පීඩාවකට පත්ව සිටින බවද ඇමැතිවරයා එම ලිපියෙන් අවධාරණය කොට තිබේ.

එම ප්‍රකාශනයේ අන්තර්ගත කරුණු මඟින් එහි කර්තෘවරයාත්, ප්‍රකාශකයන්, බෙදා හරින්නන් සහ අලෙවි කරන්නන් දණ්ඩ නීති සංග්‍රහයේ 290, 290 _ ඒ, 291 _ ඒ සහ 291 _ ඕ වගන්ති යටතේ සාපරාධී වරදක් සිදු කර ඇති බවද ඇමැතිවරයා ලිපිය මඟින් පැහැදිලි කොට ඇත.

එම නිසා ඒ පිළිබඳ කඩිනමින් පරීක්ෂණයක් පවත්වා එකී කර්තෘට, මුද්‍රණකරුවන්ට, ප්‍රකාශකයන්ට, බෙදා හරින්නන්ට සහ අලෙවිකරන්නන්ට එරෙහිව නඩු පවරා දඬුවම් දීමට කටයුතු කරන මෙන් ඔහු පොලිස්පතිවරයාගේ එම ලිපියෙන් ඉල්ලීමක් කර තිබේ.

මෙම ලිපියේ පිටපත් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාටද යොමු කළ බව එම අමාත්‍යාංශය පැවැසීය.


හර්ෂනී අර්සකුලරත්න
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment