ගල්කිස්ස "භූකා භූකා" සාදය පැවැත්වූ තිස්දෙනෙක් අත්අඩංගුවට

ගල්කිස්ස හෝටලයක් පිටුපස පැවැත් වූ වෙරළ සාදයකදී විවිධ මත්ද්‍රව්‍ය පාවිච්චි කළ බව කියන තරුණ තරුණියන් තිස් දෙනෙකුට ආසන්න පිරිසක් 19 රාත්‍රී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට පත්වූවන් අතර
තරුණියන් පස් දෙනෙකු සිටින බව පොලිසිය කියයි. පොලිස් විශේෂ කාර්ය බළකාය හා ගල්කිස්ස පොලිසිය ඒකාබද්ධව සිදු කරන ලද වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පිරිස සමග මත්පෙති, ගංජා, නීති විරෝධී දුමිවැටි. මුද්දර නමින් හදුන්වන මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මෙම පිරිස සමග පොලිසිය බාරයට ගෙන ඇත.

මුහුණු පොත හරහා සංවිධානය කර තිබූ මෙම සාදය "භූකා භූකා" ලෙස නම් කර තිබි ඇති අතර සාදය සඳහා සහභාගි වීමට රුපියල් දෙදහස් පන්සියයක මුදලක් අය කර ඇති අතර ඇතුළු වීමෙන් පසු විවිධ මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා තිබූ බව ද පොලිස් නිලධාරියෙක් පැවසීය.

පොලිස් විශේෂ කාර්ය බළකායේ හා ගල්කිස්ස පොලිසියේ නිලධාරින් වෙස්වලාගෙන සාදයට සහභාගිවූවන් සේ ඇතුළු වී වැටලිම කළ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
අත්අඩංගුවට පත්වූවන් ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කර තිබේ. ගල්කිස්ස පොලිසිය පරික්‍ෂණ පවත්වයි.
(බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment