පෙම්වතා පෙට්‍රල් දමා ගිනිතැබූ පිළියන්දල තරුණිය දින 10කට පසු මියයයි


පිළියන්දලදී සිය පෙම්වතා විසින් පෙට්‍රල් දමා ගිනි තැබීමෙන් බරපතළ පිළිස්‌සුම් තුවාල ලබා කළුබෝවිල දකුණු කොළඹ ශිෂක්‍ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 19 හැවිරිදි තරුණිය ඊයේ (19 දා) සවස මියගිය බව කළුබෝවිල රෝහලේ ප්‍රකාශකයෙක්‌  පැවසීය.
දින 10 ක කාලයක්‌ අසාධ්‍ය තත්වයෙන් පසුවූ ඇය
බරපතළ පිළිස්‌සුම් සහිතව

සිටි බවද හෙතෙම කීය.
මෙලෙස අවාසනාවන්ත අයුරින් මියගොස්‌ ඇත්තේ පිළියන්දල මඩපාත බෝවෑවල පදිංචිව සිටි සඳනී ගවුරිතා ජයසේකර නමැති තරුණියකි.
ඇගේ 25 හැවිරිදි පෙම්වතා පිළියන්දල පිහිටි නිවස තුළදී මෙම අපරාධය සිදුකර ඇත්තේ පසුගිය 9 වැනිදා දහවල් කාලයේදීය.
මෙම තරුණිය පෙම්වතා සමඟ ඇතිවූ බහින්බස්‌ වීමකදී පෙම්වතා පෙට්‍රල් රැගෙනවිත් ඇගේ ශරීරයට විසිකර ගිනි තබා ඇතැයි පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.
ඒ අනුව මෙම අපරාධය සම්බන්ධයෙන් සැකකාර පෙම්වතා අත්අඩංගුවට ගත් අතර ඔහු මේ වන විට රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇතැයි පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.
මියගිය තරුණිය විසින් පෙම්වතා ඔහුගේ නිවස තුළදී තමාව පිච්චූ බව පිළියන්දල පොලිසියේ අපරාධ අංශයේ ස්‌ථානාධිපතිවරයාට පවසා තිබේ.
මියගිය තරුණියගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය අද (20 දා) කළුබෝවිල රෝහල් අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව ඇත.
-ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සුජීව තත්සර-

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment