චන්ද්‍රිකාට ප්‍රංශ රජයේ ඉහළම සම්මානයක්


හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රංශ රජය පිරිනමන ඉහළම සම්මානයෙන් පිදුම් ලබා ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මේ අනුව ප්‍රංශ රජය පිරිනමන ඉහළම ගෞරව

සම්මානය වන ‘කොමාන්දියර් ද ලා ලීජියෝන් දොනර් ’ සම්මානයෙන් පිදුම් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සමත්ව ඇතැයි එම නිවේදනයේ දැක්වේ.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජෝන් මරන් ෂූ තානාපති නිල නිවසේ අද (20) පස්වරුවේ පැවැති විශේෂ උත්සවයකදී හිටපු ජනාධිපතිනියට මෙම ගෞරව සම්මානය සහ ඊට අදාළ පදක්කම පුද කර ඇත.
වසර 1994 සිට 2005 දක්වා මෙරට බලය හෙබ වූ චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක මහත්මිය මෙරට සිවුවැනි විධායක ජනාධිපතිවරයාය.
ඇය ප්‍රංශයේ කීර්තිමත් ‘පැරිස්’ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා ආයතනයෙන් දේශපාලන විද්‍යාව පිළිබඳව උපාධියක් හිමි කරගෙන ඇති අතර එම විශ්ව විද්‍යාලයේම උසස් අධ්‍යාපනය සඳහා වූ ප්‍රායෝගික පාසලෙන් සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධි වැඩසටහනක් ද සම්පූර්ණ කර ඇත.
ඇය වර්තමානයේදී ගෞරව තනතුරු කිහිපයක්ම හොබවන අතර ජාතික සමඟිය සහ සංහිඳියාව සඳහා වූ කාර්යාලයේ සභාපතිධුරය ද  හොබවයි.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment