එක්නැලිගොඩ පැහැර ගත්තැයි ලුතිනන් කර්නල් එරන්ද පිරිස් CID අත්අඩංගුවට


මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුධ හමුදා
ලුතිනන් කර්නල් එරන්ද පිරිස්

මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.ෙ
ඒ ඊයේ පස්වරුවේ ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව ය.
අත්අඩංගුවට ගත් ලුතිනන් කර්නල්වරයා හෙට හෝමගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය
මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, 2009 අගොස්තු 08 වනදා එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් දිනකට පසු මුදා හැරීම සහ 2010 වසරේ ජනවාරි මස 24 වනදා එක්නැලිගොඩ මහතා නැවත වරක් පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීම යන චෝදනා යටතේ ලුතිනන් කර්නල්වරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment