ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් ස්නයිපර් ගිනි අවියක් අතුරුදන්

පොලීසියේ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ ස්නයිපර් වර්ගයේ ගිනිඅවියක් අතුරුදන්වීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තූව පරීක්‍ෂණයක් ආරම්භ කර ඇත.
අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයාගේ නියමයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම පරීක්‍ෂණ පවත්වාගෙන යනු ලැබේ. මීට මාස කිහිපයකට ඉහතදී ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ දී
ක්ලේමෝ බෝම්බ සමග අත්අඩංගුවට ගත් හිටපු එල්ටීටීඊ සාමාජිකයකුගන් හෙළි වූ තොරතුරු අනුව ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය විසින් මෙම ස්නයිපර් ගිනිඅවිය අත්අඩංගුවට ගෙන තිබිණි. මෙම ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ තිබු ස්නයිපර් ගිනිඅවියක් අතුරුදන් වී ඇති බවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමත්තුව

මගින් මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වන ලෙසත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු මීට පෙර පොලිස්පතිවරයාට දැනුම් දී තිබූ බව පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ සම්බන්ධයෙන් නීතිය හා සාමය පිළිබඳ ඇමති රංජිත් මද්දුමබණ්ඩාර මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ
මෙම ස්නයිපර් ගිනිඅවිය අතුරුදන් වී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් පවත්වන ලෙස අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට දැනුම් දුන් බවය. ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කනක
හේරත් මහතාද මේ සම්බන්ධයෙන් පසුගිය 18 වැනිදා පාර්ලිමේන්තුවේදී ඇමති රංජිත් මද්දුමබණ්ඩාර මහතාගෙන් විමසීමක් කර තිබිණි.
අතිවිශේෂ ගිනිඅවියක් වන ස්නයිපර් අවිය ඉහළ සිට වෙඩි තැබීමට යොදා ගන්නා එකකි. මෙම ගිනිඅවියෙන් මීටර් 500 සිට 1000 දක්වා දුර ප්‍රමාණයක ඉලක්කයට වෙඩි තැබිය හැකි බවත්, මෙය පරිහරණය කළ හැක්කේ විශේෂ පුහුණුවක් ලැබූ ප‍්‍රගුණ වෙඩික්කරුවකුට පමණක් බවත් යුද හමුදා නිලධාරීයක් පැවසීය.

(ඉන්දිකා රාමනායක)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment