බල්ලන්ගේ සපාකෑමට ලක්වූ ගෝනා හියාරේ සත්ත්ව රෝහලට


සුනඛයන්ගේ සපාකෑමට ලක්ව මාගෙදර කරුවලගල ප‍්‍රදේශයේ තේ වත්තක වැටී සිටි ගෝනකු ප‍්‍රතිකාර සඳහා යක්කලමුල්ල පොලිසියේ නිලධාරීන් විසින් පෙරේදා (23 දා) පස්වරුවේ හියාරේ සත්ත්ව රෝහලට රැගෙන යෑමට කටයුතු කරනු ලැබීය.

සුනඛයන්ගේ සපා කෑමට

ලක්වීමෙන් ගෝනා ගේ හිසට හා දකුණු කන්පෙත්තට බරපතළ තුවාල වී තිබිණි. ගෝනා තේ වත්තක වැටී සිටින බවට ගම්මුන් විසින් පොලිසියට දැනුම් දී තිබුණි. ඒ අනුව ක‍්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් ගෝනා පොලිසියට අයත් කැබ් රථයකින් හියාරේ සත්ත්ව රෝහල වෙත රැගෙන යනු ලැබීය. ඒ වනවිටත් ගෝනා ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි බව පොලිසිය පවසයි.

දැඩි නියඟයත් සමග වර්ෂාව පතිතවීම නිසා දලූලා ඇදී තිබු ලා තණ කොළ කෑම සඳහා ගෝනා කැලයේ සිට ගම්මානයට පැමිණෙන්නට ඇති බවට පොලිසිය පවසයි. ගාල්ල වනජීවි සංරක්ෂණ සංගමය මගින් හියාරේ සත්ත්ව රෝහල පවත්වාගෙන යයි. යක්කලමුල්ල පොලිසියේ නිලධාරීන් විසින් කළ මේ උතුම් ක‍්‍රියාව ගම්මුන්ගේ දැඩි පැසසුමට ලක්ව ඇත.

- ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment