පුතා එළියට එනතුරු බයික් එකේ සිටි පියා බට්ටාට හැපී මියගිය හැටි - රියදුරු ගම්මුන්ගෙන් ගුටිත් කයි

https://www.gossiplankanews.com/2018/09/panagoda-accident.html#more
හෝමාගම පනාගොඩ ලේලන්ඩ් හන්දිය නමින් හඳුන්වන ස්ථානය ආසන්නයේ දී  ඊයේ උදෑසන සිදුවු රිය අනතුරකින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරුවෙකු මිය ගොස් තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ යතුරු පැදිකරු තමාගේ නිවස ඉදිරිපිට
යතුරු පැදිය නවතාගෙන පුතා එනතුරු බලා සිටියේ පාසල් ඇරලවීම සඳහාය. පෙර දිනයේ වැසි නිසා ලිස්සනසුලුවූ වංගු මාර්ගයේ එහාට මෙහාට වැනෙමින් පැමිණි බට්ටා රථයකට වේගය පාලනය කරගන්නට බැරිව යතුරු පැදියේ හැපෙන අතර ඔහු එක්වරම විසිවී යයි. එම අවස්ථාවේ බට්ටා මාර්ගයේ අයිනේ නතර කර නවතාගනී.
පසුව පාරේ එන කාර් එකක් නතරකරගන්නා ප්‍රදේශ වාසීන්
අනතුරට පත් පුද්ගලයා එම වාහනයට නංවා රෝහලට පිටත් කරන අතර බට්ටා පැදවූ රියදුරුට අනතුරට පත් අයගේ අසල්වාසීන් පහර දෙනු ලබයි.
රෝහලට ගෙන ගිය යතුරුපැදිකරු පසුව මිය ගිය බව වාර්තා විය.
උදෑසන 6.40 පමණ සිදුවූ මෙම අනතුර යතුරුපැදිකරුගේම නිවසේ සවි කර තිබූ සී.සී.ටීවි කැමරාවෙහි සනිටුහන් වී තිබීම දෛවෝපගතය.
මෙසේ මිය ගොස් ඇත්තේ හෝමාගම පනාගොඩ, ලේලන්ඩ් හන්දිය ප්‍රදේශයේ පදිංචි කනත්තගේ ප්‍රියන්ත ජයසිරි නැමති 46 හැවිරිදි එක් දරු පියෙකු වන අතර, ඔහු ඒ ආසන්නයේම පෞද්ගලික ආයතනයක සේවය කරයි.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු ලෙස සිටි පුද්ගලයා මේ වන විට සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
සිද්ධියේ සීසීටීවී දර්ශන පහතින්
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment