16දා පාර්ලිමේන්තුව රැස් කරත් ජනපති කතාවෙන් පසු කල්දානවා - ඡන්ද විමසීම් නෑ


පාර්ලිමෙන්තුවේ නව සැසිවාරය ලබන 16 වැනිඳා උත්සවාකාරයෙන් ආරම්භ කරන බව රඡයේ සම මාධ්‍ය ප්‍රකාශක මහින්ද සමරසිංහ මහතා ඊයේ (30) පැවසිය. නිල වශයෙන් පාරිලිමේන්තු වාරය ආරම්භ කරන එදින
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා

පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත බව ද ඇමතිවරයා සඳහන් කළේය. රජයේ සම මාධ්‍ය ප්‍රකාශක මහින්ද සමරසිංහ මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (30) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
සිදුවන්නේ පාර්ලිමේන්තුව නිල වශයෙන් ආරම්භ කිරීමක් පමණක් බව කී ඇමති මහින්ද සමරසිංහ මහතා පනත් හෝ වෙනත් දේ ඉදිරිපත් වන්නේවත් බහුතරය පරීක්ෂා කිරීමක්වත් එදින සිදුනොවන බව ද කීවේය. නිල වශයෙන් එදින පාර්ලිමේන්තුව ආරම්භ කළ පසු වෙනත් දිනක දී රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවයට විශ්වාසභංගයක් ගෙන ආ හැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

(ඩයනා උදයංගනී)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment