ගම්පහ පාසල් සිසු සිසුවියන් 19කට ඒඩ්ස්

ගම්පහ දිස්ත්‍රික්කයේ දරුවන් 19ක් මේ වන විට HIV (එච්.අයි.වී.) ආසාදනයට ගොඳුරු වී ඇති බවට සෞඛ්‍ය අංශ වෙතින් තමන්ට දැන ගැනීමට ලැබුණු බව ප්‍රාදේශීය සහා මන්ත්‍රී රෝහණ පුෂ්පසිරි මහතා ගම්පහ
ප්‍රාදේශීය සභාවේ

මහ සභා රැස්වීම හමුවේ පවසා සිටියේය. මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කර සිටියේ මෙම පිරිස අතරින් බහුතරය පාසල් සිසුන් බවත් ඔවුන් අතර පිරිමි දරුවන් මෙන්ම ගැහැනු දරුවන් ද සිටින බවට තමන්ට දැන ගන්නට ලැබී ඇති බවත්ය. දෙමව්පියන් නිසි අවධානය යොමු
නොවීම නිසා දරුවන් අපචාරී ක්‍රියා වෙත යොමු වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම අවාසනාවන්ත ඉරණමට ඔවුන් ගොදුරු වන්නට ඇතැයි පැවැසූ මන්ත්‍රිවරා මෙම තත්වය පාලනය කිරීම සඳහා කඩිනමින් කටයුතු කිරිමේ අවශ්‍යතාව ද පෙන්වා දුන්නේය.

මීට අමතරව විවිධ මත්ද්‍රව්‍ය වැඩිපුරම භාවිත කරන පාසල් සිසුන් පිරිසක් සිටින  දිස්ත්‍රික්කය ලෙස ගම්පහ පෙරමුණට පැමිණ ඇති බව පැවැසූ මන්ත්‍රීවරයා මෙම තත්වය මැඩලීම සඳහා බලධාරීන්ගේ අවධානය වහා යොමු විය යුතු බව ද පැවැසීය.

-චින්තක ජේ.ජයසේකර-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment