විජයකලා පැය කිහිපයකින් ඇප මත නිදහස්

ජාතීන් අතර අසමගිය ඇතිවන ප්‍රකාශයක් සිදු කළැයි කියන සිද්ධියට අදාළව අද උදෑසන අත්අඩංගුවට ගත් විජයකලා මන්ත්‍රීවරිය රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප මත මුදා හරින්නට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ
විනිසුරු වරයා නියෝග කර තිබේ.

ඇයට මෙම නඩුව සඳහා ඉදිරියට නැවත පැමිණීමද අවශ්‍ය වනු ඇත.
යාපනේ දී සිදු කරන ලද ආනෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට ගිය අවස්ථාවේ දී නීතිපතිවරයාගේ උපදෙස් අනුව
ක්‍රියාකරමින් පොලිසිය මගින් ඇයව අද උදේ අත්අඩංගුවට ගත් අතර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර තිබුනේ පැය කිහිපයකිනි.
ඒ අනුව ඇය ඉතා ඉක්මණින් ලක්ෂ 5 ක ශරීර ඇප මත නිදහස් විය.
ප්‍රභාකරන්ගේ කාලේ උතුරේ ස්ත්‍රී දූෂණ සිදුවූයේ නැතැයිද එම පාලනය හොඳ යයිද උතුරට අවශ්‍ය යයිද විජය කලා පසුගියදා සිදු කළ ප්‍රකාශයක් ආන්දෝලනයට තුඩු දී තිබුණි. ඇයට ඇමති ධූරයද මේ නිසා අහිමි විය.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment