හිටපු ඇමතිනි විජයකලා අත්අඩංගුවට


ජාතීන් අතර අසමගිය ඇතිවන ප්‍රකාශයක් සිදු කළැයි කියන සිද්ධියට හිටපු ඇමතිනී, පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් මහත්මිය අත්අංගුවට ගෙන තිබේ.
නීතිපතිවරයාගේ උපදෙස් අනුව
ක්‍රියාකරමින් අත්අඩංගුවට ගත්

විජයකලා මහේෂ්වරන් මහත්මිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ යාපනේ දී සිදු කරන ලද ආනෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට ගිය අවස්ථාවේ දී පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය විසින් ඇයව අත්අඩංගුවට ගත් බවයි.

මේ වන විට අත්අඩංගුවට පත් විජයකලා මහේෂ්වරන් මහත්මිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට රැගෙන යමින් සිටින බව ද ඔහු වැඩිදුරටත් පැවසී ය.

ප්‍රභාකරන්ගේ කාලේ උතුරේ ස්ත්‍රී දූෂණ සිදුවූයේ නැතැයිද එම පාලනය හොඳ යයිද උතුරට අවශ්‍ය යයිද විජය කලා පසුගියදා සිදු කළ ප්‍රකාශයක් ආන්දෝලනයට තුඩු දී තිබුණි. ඇයට ඇමති ධූරයද මේ නිසා අහිමි විය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment