ඇවන්ට් ගාඩ් නඩුව ලබන වසරට කල්යයි


පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යමින් රජයට රුපියල් බිලියන 11.4 ක් අලාබහානි කළැයි කියන ඇවන්ගාඩ් සිද්ධියට අදාල නඩුව ලබන වසරේ පෙබරවාරි මස 26 දක්වා කල් තැබීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (30) නියෝග කළේය.

මෙම නඩුවේ සැකකරුවන් වශයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 8 දෙනකු ඊයේ (30දා) අධිකරණයේ පෙනී සිටියහ.

අභියාචනාධිකරණයේ පවතින නඩු තීන්දුව ලැබෙන තුරු මෙම නඩුව කල් තැබුණි. එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණයට කියා සිටියේ මෙම නඩුවේ විභාගය අත්හිටුවමින් අභියාචනා අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර ඇති බවත් එය දෙසැම්බර් මස 05 වනදා දක්වා බලපැවැත්වෙන බවත්ය.

 මේ හේතුවෙන් නඩු විභාගය සඳහා වු දිනයක් ලබා දෙන

මෙන් අල්ලස් කොමිසමේ නීතිඥවර්ග අධිකරණයෙන් ඉල්ලා තිබේ.
ඒ අනුව නඩුව නැවත පෙබරවාරී මස 26 වනදා කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියම කළේය.

මේ හේතුවෙන් නඩු විභාගය සඳහා වූ දිනයක්  ලබා දෙන මෙන් අල්ලස් කොමිසමේ නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා තිබේ.

 ඒ අනුව නඩුව නැවත පෙබරවාරී මස 26 වනදා කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියම කළේය.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ඇවන්ගාඩ් මෙරීටයිම් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති, ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න, රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන අය නම් කර තිබේ.

 ඊට අමතරව හිටපු නාවික හමුදාපතිවරු තිදෙනෙක්  වන සෝමතිලක දිසානායක ජයනාත් කොළඹගේ සහ ජයන්ත පෙරේරා යන අයද නම්කර ඇත.මෙම නඩුවේ විත්තිකාරිය වන ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු
අතිරේක ලේකම් දමයන්ති ජයරත්න මහත්මිය මේ වන විට අධිකරණය මගහැර විදේශගතව සිටින අතර ඇය නොමැති ව නඩු විභාගය පවත්වාගෙන යාමට ද අධිකරණය තීරණය කර තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment