අර්ජුනගේ ප්‍රශ්නයට තෙල් වර්ජනය නිසා ඉන්ධන හිඟයක්


ඛණිජ තෙල් සංස්ථා පරිශ්‍රයේ ඊයේ (28) ඇති වූ සිදුවිම පාදක කර ගනිමින් එම සිද්ධියට අදාළව හිටපු ඇමති
අර්ජුන රණතුංග අත්අඩංගුවට

ගන්නා ලෙස සේවකයින් බල කළ අතර එසේ නොවුනොත් ඊයේ රාත්‍රීයේ සිට තෙල් බෙදාහැරීම නතර කිරීමට කටයුතු කරන බව වෘත්තිය සමිති දන්වා තිබුනි.
නමුත් මෙම සිද්දිය මත තවම අත්අඩංගුවට ගත්තේ අර්ජුනගේ ආත්මාරක්සාව වෙනුවෙන් ක්‍රියාකළ ඇමති ආරක්සකයා පමනි.
ඒ අනුව මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීම අරඹා ඇතැයි ඛණිජ තෙල් සංස්ථාවේ ආරංචි වාර්තා කරයි. වර්ජනයට ඉන්ධන හල් අයත් නොවන අතර තොග තිබෙන තුරු ඉන්ධන වාහන වලට සැපයීමට ඔවුන් කටයුතු කරමින් සිටී.
දැනටමත් ඉන්ධන අලෙවිහල්වල දිගු පෝලිම් දක්නට ලැබේ.
කෙසේ වෙතත් බෙදාහැරීම සීමාවීම නිසා ඉදිරි දින කිහිපය වනවිට දැවැන්ත ඉන්ධන හිඟයකට යාමේ අවදානම මතුව ඇතැයි පැවසේ. කෙසේවෙතත් ඉන්දියන් ඔයිල් සමාගම මෙම වර්ජනයට සම්බන්ධ නැත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment