විජේදාස රාජපක්ෂ මහින්ද වෙත ගිය බව කැබිනට් ඇමති ධූරයෙන් දැනේ


පසුගිය දිනවල අරලියගහ මන්දිරය වෙත නොගිය එජාප හිටපු ඇමති විජේදාස රාජපක්ෂ මහතා මහින්ද
රාජපක්ෂගේ දෑත් ශක්තිමත්

කිරීමට එම රජය වෙත එක්වී තිබෙන බව අද දිවුරුම් දුන් කැබිනට් ඇමති ධූර වලින් හෙළිදරව් විය.
ඔහුට නව රජයේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමති ධූරය පිරිනමා ඇත.
විජේදාස රාජපක්ෂ මහතා පසුගිය රජයේ අධිකරණ ඇමති ධූරය දරද්දී මහින්දට පක්ෂපාතීව කටයුතු කළ බවට හා මහින්ද හිතවාදියෙකු යයි නම් කර විශ්වාස භංගයක් ගෙනවිත් ඇමති ධූරවලින් ඉවත් කර තිබූ අතර මාස කිහිපයක ඇවෑමෙන් සංස්කෘතික හා උසස් අධ්‍යාපන ඇමති ලෙස පත් කර තිබුණි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment