සුසිල් ඇතුළු ශ්‍රීලනිපයේ තවත් 4ක් පොහොට්ටුවට.


අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අවසන් පාර්ලිමේන්තුව නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් 33 දෙනෙකු මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය ලබාගෙන තිබේ.

ඊයේ(11) පෙරවරුවේදී සාමාජිකයින් 29 දෙනෙකු පක්ෂ සාමාජිකත්වය ලබාගත් අතර ඊයේ පස්වරුවේදී තවත් සාමාජිකයින් සිව් දෙනෙකු පක්ෂ සාමාජිකත්වය ලබා ගෙන තිබුණි.

ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ උප සභාපති ඩබ්ලිව්. ඩී. ජේ සෙනෙවිරත්න, ප්‍රේමලාල් ජයසේකර සහ ආනන්ද අළුත්ගමගේ යන  මහත්වරුන් මෙලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය ලබාගෙන තිබේ.

මීට අමතරව අවසන් පාර්ලිමේන්තුව නියෝජනය නොකළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එර්ල් ගුණසේකර සහ ෆීලිස් පෙරේරා යන මහත්වරුන් ද පක්ෂ සාමාජිකත්වය ලබාගෙන ඇති බව සඳහන්ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment