විසුරුවීමට එරෙහිව පක්ෂ 5 ක් අද උසාවියට - මැතිවරණය කල් යයිද?

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ව්‍යවස්තා විරෝධී බව දක්වමින් ඊට එරෙහිව පාර්ශ්ව රැසක් අද (12) දිනයේ අධිකරණයට යාමට නියමිතය. එක්සත් ජාතික පක්ෂය , ජනතා විමුක්ති පෙරමුණ , ද්‍රවිඩ සන්ධානය, ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය , සමස්ත ලංකා ජනතා කොංග‍්‍රසය මේ අතර සිටී.ජනතා ඡන්දයෙන් තේරී පත්වූ
පාර්ලිමේන්තුව ‍19 සංශෝධනය ප්‍රකාරව 2020 මාර්තු මාසය දක්වාවත් පැවැත්විය යුතු අතර ජනපතිගේ හිතුමනාපයට විසුරුවාලන්නට බැරි බව ඔවුනගේ තර්කයයි.
ඊයේ 11 පැවැත්වූ ජනපතිගේ කතාව අනුව පැවති ආණ්ඩුවේ අගමැති පුටුව මාරු කිරීමට තමා ගත් තීරණය අනුමත
නොවීමේ අවදානමක් පැවති නිසාත් ඊට කතානායකගේ පිළිගැනීමක් නොමැති නිසාත් මෙම විසුරුවීම කළ බව කියා සිටි අතර මහජනතාවට වඩාත් සුදුසු කෙනා පත්කිරීමට අවස්ථාව දීම වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණය ලෙස මතුකර පෙන්වන ලදි.
නමුත් ජනතාව ඉල්ලා නොසිටි මොහොතක තමන් ප්‍රිය කරන කෙනා පත්නොවීම හේතුවක් කරගෙන මේ ආකාරයට ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නට හැකි නම් ඉදිරියේදී පත්වන ඕනෑම රජයක් එක් මොහොතකින් අතුගා තමන් කැමති පාලකයා පත්වනතුරු ඡන්ද පැවැත්වීම කළ හැකි නොවේදැයි නීති තර්කයක්ද මතුව තිබේ.
මෙසේ හෙයින් අද අධිකරණය හමුවේ කරන පැමිණිල්ල අනුව විධායකය ගත් තීන්දුවක් ගැන අධිකරණය අභියෝගාත්මක තීන්දුවකට යොමු වනු ඇත.
එක්සත් ජාතික පක්ෂය ප‍්‍රකාශ කළේ පවතින ගැටළුවට උපරිමාධිකරණය හරහා
විසඳුමක් ලැබෙනු ඇති බවත් එසේ නොවුණත් තමන් මැතිවරණය සඳහා සූදානම් වන බවයි .
ජනතා විමුක්ති පෙරමුණද අද දිනයේ අධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කිරීමටයි නියමිත බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් සඳහන් කර තිබේ.
ද්‍රවිඩ සන්ධානය වෙනුවෙන් සුමන්තිරන් හිටපු මන්ත්‍රීවරයාද ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය
වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාවුෆ් හකීම් ද සමස්ත ලංකා ජනතා කොංග‍්‍රසය වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදියුදීන්ද අධිකරණයට යාමට නියමිතය.

අධිකරණයට යාම හේතුවෙන් මැතිවරණය කල් යනු ඇත්දැයි නැගු ප‍්‍රශ්නයකට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය කියා සිටියේ,  “තහනම් නියෝගයක් දුන්නොත් අපිට ඒ වෙලාවෙම වැඩේ නවත්තන්න පුළුවන්. නමුත් තහනම් නියෝගයක් නොදී මේක කරගෙන යන්න වුනෝතින් එතකොට කාලය නැති වෙනවා. ඒ නිසා තහනම් නියෝගයක් ලැබෙන තෙක් ඒ කාර්යය කරගෙන යන්න අපේ නිලධාරීන් බැඳිලා ඉන්නවා.” යනුවෙනි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment