අනිත් අය ගියාට මම පොහොට්ටුවට නැහැ - දයාසිරි ජයසේකර

තමන් පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීමේ කිසිදු සූදානමක් නැතැයි කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඇමැති දයාසිරි ජයසේකර මහතා

පැවැසීය.
ඔහු
ඒ ගැන මෙසේ කියා තිබේ.
"මම ඇතුළු ශ්‍රීලනිපයට ආදරය කරන විශාල මන්ත්‍රීවරු පිරිසක්‌ සිටිනවා. ඒ අය පක්‍ෂ
සාමාජිකත්වයෙන් යන්නේ නැහැ. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ඡන්දදායකයන් ලක්‍ෂ 15 ක්‌ පමණ
අපට ඡන්දය පාවිච්චි කළා. සිංහල, දෙමළ, මුස්‌ලිම් යන සියලු ජාතීන් ඒ අතර සිටිනවා. විශේෂයෙන්
මුස්‌ලිම් ජාතිකයන් විශාල පිරිසක්‌ ශ්‍රීලනිපයට පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය පාවිච්චි කළා. අප
ඒ ගැන අමතක කළ යුතු නැහැ.

ඉදිරි මහ මැතිවරණයට ශ්‍රීලනිපය, පොදුජන පෙරමුණ ඇතුළු වාමාංශික පක්‍ෂ මෙන්ම දෙමළ, මුස්‌ලිම්
පක්‍ෂවල පුළුල් සන්ධානයකින් තරග කිරීම ගැන අපේ කිසිදු විරුද්ධත්වයක්‌ නැහැ. නමුත් මෛත්‍රිපාල
සිරිසේන මහතාගේ නායකත්වය යටතේ ගොඩනැගුණු යහපාලනයේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී යහගුණ අප
ආරක්‍ෂා කළ යුතුයි. අධිකරණයේ ස්‌වාධීනත්වය වගේම නීතියේ ආධිපත්‍යය ආරක්‍ෂා කරගත යුතුයි. ඒ
වගේම විශේෂයෙන් දෙමළ ජනතාවගේ මෙතෙක්‌ නොවිසඳුණු ප්‍රශ්නවලට විසඳුම් සෙවීම සඳහා අප කැපවිය
යුතුයි. ඒ වගකීම අපට තියෙනවා.‘

දුලංගා ලියනගේ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment