කොළඹ කොටස් වෙළෙඳපොළ අද (12) දින ගනුදෙනු ආරම්භ වී කෙටි කාලයක් ඇතුළත රුපියල් බිලියන 6.35 ක දැවැන්ත පිරිවැටුමක් වාර්තා විය.
මේ සඳහා ප්‍රධාන වශයෙන් දායකත්වය දෙන ලද්දේ ඔඩෙල් පීඑල්සී හි ගිවිසා ගනු ලැබූ කොටස් ගනුදෙනු කිහිපයකි.
ඔඩෙල් පීඑල්සී හි කොටස් 248,976,458 ක් මෙහිදී ගනුදෙනු වී ඇති අතර එමඟින් රුපියල් බිලියන 6.22 (6,224,411,450.00) ක පිරිවැටුමක් පෙරවරු 10.50 වන විට වාර්තා වී තිබිණි.
ඔඩෙල් පීඑල්සී හි ප්‍රමුඛ කොටස් හිමිකාරීත්වය සතු වන්නේ සොෆ්ට්ලොජික් පීඑල්සී සතුවය.
එහිදී සොෆ්ට්ලොජික් රිටේල් (පුද්) සමාගම සතුව කොටස් 179,689,099 ක්, සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සතුව කොටස් 61,231,769 ක් හා කොමර්ෂල් බැංකුව භාරයේ පවතින් සොෆ්ට්ලොජික් රිටේල් (පුද්) සමාගමේ ආන්තික ගිණුමක කොටස් මිලියන 25 ක් ඇති බව 2018 ජූනි 30 න් අවසන් කාර්තුවේ දී ප්‍රකාශයට පත් කරන ලද මූල්‍ය ප්‍රකාශනයෙහි සඳහන් වේ.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)

0 comments :
Post a Comment