තීන්දුව තාම නෑ - නීතිපති අනුව ජනපති හරි

https://www.gossiplankanews.com/2018/11/supreme-court-2nd-day.html#more

1.30 update
පසුගියදා පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන ලබාදුන් තීන්දුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව දක්වමින්  මෙන්ම නිවැරදි තීන්දුවක් බව දක්වමින් පෙත්සම් 18 ක් විභාග කිරීමේ කටයුතු දෙවන දිනයටත් ශ්‍රෙෂ්ඨාධිකරණයේදී අද (13) සිදුවේ.
අග විනිසුරු නලින් පෙරේරා,විනිසුරු  ප්‍රියන්ත ජයවර්ධන සහ
විනිසුරු ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම කාරණාව විභාගයට ලක්වන අතර අගවිනිසුරු නලින් පෙරේරා විසින් අවසන් තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
මෙහිදී ජනපතිවරයා

වෙනුවෙන් මෙන්ම රට කරවන නීතියේ නිවැරදිතාවය වෙනුවෙන් පෙනීසිටින්නේ  නීතිපති ජයන්ත ජයසූරියයි.
ඔහු මින් ඉහත අගමැති ලෙස මහින්ද රාජපක්ෂ තෝරාපත් කරගැනීම ගැන කතානායක කළ විමසීමකදීද නිහඩ පිලිවෙතක් අනුගමනය කළ අතර මෙම විභාගයට පිවිස ඊයේ 12 තමන්ට තවත් කල් අවශ්‍ය යයි මග හැරියේය.
කෙසේ වෙතත් ඔහු අද 13 තම තීරණය පිළිබඳ දැනුුම් දුන්නේ ජනපතිවරයාට පක්ෂපාති ලෙසයි.

 19 වැනි සංශෝධනයේ 33 වගන්තියට පරිබාහිරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා විශේෂ බලයක් ජනාධිපතිවරයාට හිමි  බව නීතිපති ජයන්ත ජයසූරිය මහතා සඳහන් කළේය.ඒ අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදු කර ඇති බව එහු දන්වා සිටියේය.
නීතිපතිවරයා තම කරුණු දැක්වීම අතරතුර වැඩිදුරටත් කියා සිටියේ මෙවැනි කාරනාවක් විබාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නැති බවයි. එසේම ඔහු කියා සිටියේ මෙම කරුණ විභාග කර යම් හෙයකින් අතුරු තහනමක් නිකුත් කළොත් එය ජනතා පරාමාධිපත්‍යයට බරපතල හානියක් බවයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment