අද (9) රාත්‍රී පාර්ලිමේන්තුව විසුරුවා හරින ආරංචි


අද (9) සිකුරාදා රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන කටයුතු කරන බවට ආරංචි පැතිර තිබේ.පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වාගේ ට්විටර් ගිණුමට අනුව ආණ්ඩුවට 113ක බහුතරය
නොමැති හෙයින් මෙවැනි තීරණයක් ගෙන

ඇති බව සටහන් කර තිබේ.
 අද දිනයේදී හෝ ඉදිරි පැය 48 ඇතුළත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට වැඩි ඉඩක් පවතින බව දේශපාලන ආරංචිද වාර්තා කර තිබුණි.
මේ වන විට ගැසට් නිවේදන පළ කරන රජයේ මුද්‍රණාලයත්, පොලිස් දෙපාර්තමේන්තුවත් සහ ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයත් ජනාධිපති යටතේ ඇති ආරක්ෂක අමාත්‍යංශයට පවරා ගැනීමට ගැසට් නිවේදන ප්‍රකාශයට පත්කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා පෙන්වා දී තබෙන්නේ 19 වන සංශෝධනය අනුව මෙවැන්නක් කළ නොහැකි බවයි. ඒ සඳහා 2/3 බහුතරය අත්‍යවශ්‍ය බව 19 වන සංශෝධනයේ 17 වෙනි වගන්තියේ (1) හි දක්වා ඇත. නමුත් පසුගිය දිනවල හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා පවසා තිබුනේ පාර්ලිමේන්තු සැසිය අවසාන කර තිබෙන අවස්ථාවක ජනපති බලතල ප්‍රකාරව එවැන්නක් සිදු කළ හැකි බවයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment