අද (11) රාත්‍රී ජනපති මෛත්‍රිපාල සිරිසේන ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. එය පදනම් වූයේ තමා පසුගිය 9 සිකුරාදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට මුල්වූ හේතු පැහැදිලි කිරීමටය.
එහිදී ජනපතිවරයා මෙයට හේතු 2 ක් බලපෑ බව කියා සිටියේය. පළමුවෙනි හේතුව නම් තමා අගමැති ලෙස මහින්ද රාජපක්ෂ පත් කළ පසුව පාර්ලිමේන්තුව තුළ බහුතරය තුළින් එම තීරණය පරාජයට පත්කිරීමට
උත්සාහයක් තිබූ බව හා එහිදී මුදලට මන්ත්‍රීවරුන් බිලිබාගෙන බහුතරය සකසා ගැනීමේ සදාචාර විරෝධී කටයුත්තක් සිදුවන්නට යන බවට තමාට ඉඩ වැටීම බව කියා සිටියේය.
දෙවැනි හේතුව ලෙස
එසේම ලැබී තිබුනු ආරංචි අනුව තිබුණ උණුසුම අනුව 14 දා පාර්ලිමේන්තුව පැවැත්වූයේ නම් මන්ත්‍රීවරුන් අතර ගැටුමක් හා දෙතුන් දෙනෙකු මියයාමට ඉඩ තිබූ බවත් ප්‍රකාශ කළේය.
ඒ සියලු තත්වයන් සලකා ජනතාවට නියම නායකයින් තෝරාගැනීමට ඉඩ තබා පාර්ලිමේන්තුව විසුරුවා හළ බව ඔහු කීය.
ඉදිරි මැතිවරණ කාලය තුළ අගමැති හා කැබිනට් ඇමතිවරුන්ට හැර කිසිදු අයෙකුට රාජ්‍ය දේපළ පරිහරණයක් කළ නොහැකි බවත් මන්ත්‍රීවරු නියෝජ්‍ය අමැතිවරු හා රාජ්‍ය ඇමතිවරු දේපළ පරිහරණය කරන බවට තොරතුරු තිබේනම් දන්වන ලෙසත් ජනපතිවරයා ඉල්ලීමක් කළේය.
0 comments :
Post a Comment