සිරිසේන අනතුරක : ව්‍යවස්ථාවේ පිටු පෙරලයි.


ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති ප්‍රතිපාදන පිළිබඳව එක්සත් ජාතික පක්ෂය අවධානය යොමු කර ඇති බව  එහි මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය  හරින් ප්‍රනාන්දු පවසයි. 

මේ වන විටත් ජනාධිපති සිරිසේන දරණ ආකල්ප හා ඔහුගේ ක්‍රියාවන් අනුව සිය ධුරයේ කටයුතු කිරීමට තරම් සුදුසු වාතාවරණයක් ඔහුට ඇති බව තම පක්ෂයට නොහැඟෙන බවත් එම නිසා ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීමේ ව්‍යවස්ථාපිත තත්වය පිළිබඳ පරික්ෂා කරන  බවත් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසා ඇත.

ඒ වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 (2)  ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාගේ ධුරය හිස් කිරීම යටතේ ව්‍යවස්ථාමය තත්වය මේ යටතේ පිරික්සන බවද අමාත්‍යවරයා  වැඩිදුරටත් සඳහන් කර ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment