පොහොට්ටු - ශ්‍රීලනිප පොදු පෙරමුණකට සාකච්ඡා : ආසන සංවිධායකයන්ගේ විරෝධය.

   
ඉදිරි මැතිවරණය පොදු ලකුණක් යටතේ තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායම අතර මේ වනවිට සාකච්ඡාවක් ආරම්භ වී ඇතැයි වාර්තාවේ.

මෙහිදී බොහෝ දෙනාගේ කැමැත්ත පළවී තිබෙන්නේ බුලත්කොළය ලාංඡනයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ මැතිවරණවලට ඉදිරිපත් විය යුතුය යන්න බවද ප්‍රකාශ වෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව ලාංඡනය යටතේ තරග කරන බවට ප්‍රකාශ වීමත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමටද එක්විය හැකි සලකුණක් හා පෙරමුණක් වෙනුවෙන් මෙම සාකච්ඡා ආරම්භ කර තිබේ.

මෙහිදී අත ලකුණ යටතේ තරග කළ යුතු බවට පිරිසක් යෝජනාකර තිබෙන අතර,තවත් පිරිසක් පොහොට්ටුව යටතේ තරග කළ යුතු බවට යෝජනාකර ඇතැයි වාර්තාවේ.

එහෙත් බහුතරයකගේ අදහස වී තිබෙන්නේ සියලුදෙනාම එකට එකතුවී මැතිවරණයට ඉදිරිපත් විය යුතුය යන්නයි.

මේ අනුව බුලත්කොළය පොදු ලකුණ ලෙස යොදාගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කළ යුතු බවට බහුතර පිරිසක් යෝජනා කර තිබේ.

ආසන සංවිධායකයන්ගේ විරෝධය

කෙසේ නමුත් මේ සඳහා පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකයන් බහුතරයක් තම විරොධය ප්‍රකාශ කර ඇති බව ද වාර්තා වේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment