ජනපති මෛත්‍රී නොපැමිණි තෙවැනි සෝභිත හිමි සමරුව

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් අපවත් වී ඊයේ (08) දිනට වසර තුනක් සම්පූර්ණ විය. 'සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය' ගෙන එමින් පැවති රජයේ අඩුපාඩු විවේචනය කර 2014 ජනපතිවරණයට පොදු අපේක්ෂකයෙකු හඳුන්වාදුන් උන් වහන්සේ
එම බලාපොරොත්තු සඵලවීමෙන් පසු සතුටට පත්වූ නමුත් අවසන් කාලයේ තමන් අපේක්ෂා කළ ආකාරයට වෙනස් වූ දේවල් සිදුවීම ගැන කළකිරී සිටියහ. කලක් රෝගාතුරව සිට2015 නොවැම්බර් 08 වැනිදා සිංගප්පූරුවේදී අපවත් වූහ.

අපවත්වීමෙන් පසු 2016 වසරේදී පළමු ගුණ සමරුව යහපාලන ප්‍රධානීන්

ඉහළින් සිදු කරන ලදි. දෙවන ගුණ සමරුව පැවති පසුගිය 2017 වසරේ  බත්තරමුල්ල අපේ ගම පරිශ‍්‍රය‍ෙ සෝභිත හිමි ස්මාරකයක් ඉදි කරන ලද අතර

එම උත්සවයට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන , එවක අගමැති රනිල් වික‍්‍රමසිංහද සහභාගී වූහ. ඊට සමගාමීව කොළඹ 07, නෙළුම් මාවතේ පිහිටි නව නගර ශාලාවේදී පසුගිය වසරේ පැවති සමරු දේශන අවස්ථාවට ජනපති මෛත්‍රිපාල සිරිසේන පැමිණ විශේෂ කතාවක්ද කළේය.

කෙසේ වෙතත් ඊයේ (8) නව නගර ශාලාවේදී පැවති සෝභිත හිමියන්ගේ 3 වන ගුණ සමරුවට ජනපති පැමිණියේ නැත.  කථානායක කරු ජයසූරිය , හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග එය එක්ව තිබුණි. සමරු දේශනය පැවැත්වූයේ මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා විසිනි.
මේ අතර ඊයේ උදෑසන අපේගම පරිශ්‍රයේ පිහිටි සෝභිත හිමියන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දක්වන්නට ඇමති විජයදාස රාජපක්ෂ හා ඇමති දිනේෂ් ගුණවර්ධන එක්වූ බව වාර්තාවී තිබුණි.

ඡායාරූප - ජූඩ් ඩෙන්සිල් පතිරාජ



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment