ඇමති විෂය පථ මාරුවෙයි රාජ්‍ය බැංකු, මුදල් අමාත්‍යාංශයට


නව රජයේ මෙතෙක් පත්කර ඇති කැබිනට් අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට අයත් වන ආයතන සහ විෂය පථයන් ගැසට් කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව පසුගිය ආණ්ඩුවේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන
අමාත්‍යාශය යටතේ තිබූ

රාජ්‍ය බැංකු සියල්ල මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතට පවරා තිබේ. ඊට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුව, ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයද එම අමාත්‍යංශය යටතට පවරා ඇත.

ඊට අමතරව පසුගිය ආණ්ඩුවේ වෙනත් අමාත්‍යාංශයක් යටතේ පැවැති පැල්වත්ත සීනි සමාගම හා සෙවණගල සීනි සමාගමද අගමැති මහින්ද රාජපක්ෂ මහතා යටතේ ඇති මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යංශය යටතට පවරා තිබීම විශේෂත්වයකි. මීට පෙර රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන  අමාත්‍යාංශය යටතේ තිබූ ශ්‍රීලන්කන්  එයාර් ලයින් සමාගම සහ මිහින් ලංකා සමාගම මෙවර ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය යටතට පවරා තිබීමද විශේෂත්වයකි. මේ අතර මීට පෙර අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පැවැති මධ්‍යම සංස්කෘතික අරමුදල, රාජ්‍ය පරීපාලන අමාත්‍යාංශය යටතේ තිබූ චිත්‍රපට සස්ථාව සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය යටතේ පැවැති ගාලු උරුමය පදනම මෙවර සස්කෘතික, අභ්‍යන්තර කටයුතු සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය එස්.බී. නාවින්න මහතා යටතට පත්කර තිබේ.

-රුචිර දිලාන් මධුසංඛ-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment