හිටපු ඇමතිනි චන්ද්‍රාණිගේ මව කුලීයට දීපු ගොඩනැගිල්ල ඉල්ලා පොලීසි යයි


වසර පහළොවකට අධික කාලයක් තිස්සේ හිටපු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියගේ මවට අයත් ගොඩනැගිල්ලක නීතිඥ කාර්යාලය පවත්වා ගෙන යන විද්වත් වෘත්තිකයන්ගේ සංවිධානයේ කැඳවුම්කරු හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නීතිඥ සංගමයේ අනුරාධපුර ශාඛාවේ සභාපති ජේෂ්ඨ නීතිඥ මහෙෂ් කොටුවැල්ල
මහතාට එම ස්ථානයෙන් වහාම ඉවත්වන ලෙස එහි හිමිකාරීය වන හිටපු අමාත්‍යවරියකගේ මව ලිපියකින් දන්වා පසු ඒ සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලීසියේ විවිධ පැමිණිලි අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තීබේ.

හිටපු ඇමතිවරියගේ මව හා හිටපු විදුලි බල හා බලශක්ති අමාත්‍ය චන්ද්‍ර බංඩාර මහතාගේ බිරිද වන

ප්‍රේමා බංඩාර මහත්මිය විසින් අදාල ස්ථානය සම්බන්ධයෙන් ආරවුලක් හට ගෙන තිබෙන බව පවසමින් නීතිඥවරයාට මේ මස (31) දිනට පෙර කාර්යාල ගොඩ නැගිලෙන් වහාම ඉවත්වී යන ලෙස දන්වා තිබෙන අතර පසුව ඒ පිළිබදව අනුරාධපුර මුලස්ථාන පොලිසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබේ. ජේෂ්ඨ නීතිඥ මහේෂ් කොටුවැල්ල මහතා සමග පවතින හිතවත්කම මත කාර්යාල ගොඩ නැගිල්ල ඒ මහතාට ලබාදී තිබෙන බවත් එය ලබාදීම සම්බන්ධයෙන් කිසිදු ලේඛණයක් නොමැති බබත් පැමිණිලිකාරිය වන හිටපු ඇමතිවරියගේ මව පොලිසියට පවසා තිබුණාය.

එම පැමිණිල්ලට අනුව නීතිඥවරයා හමුවට ගොස් ඇති අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරින් ඒ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගෙන තිබෙන අතර මේ මස (31දා) දිනය එනවිට තමන්ට ඉවත්වන
ලෙස හිටපු ඇමතිවරියගේ මව සිදුකල දැන්වීමට අනුව තමන් ඉවත්වීමට අවැසි කටයුතු කරමින් සිටිනා බව නීතිඥවරයා පොලිසියට පවසා තිබූ අතර තමන්ට ඇය සමග කිසිදු  ගැටළුචක් නොමැති බවත් නීතිඥවරයා පොලිසියට පවසා තිබුණි. මේ සම්බන්ධයෙන් විද්වත් වෘත්තිකයන්ගේ සංවිධානයේ කැදවුකරු හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නීතිඥ සංගමයේ අනුරාධපුර ශාඛාවේ සභාපති ජේෂ්ඨ නීතීඥ මහේෂ් කොටුවැල්ල මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඒ මහතා මෙසේ පැවසුවේය.

මම වසර 15ක් තිස්සේ එතුමියට කුලී මුදල් ගෙවමින් කාර්යාලය පවත්වාගෙන යනවා.මට කාර්යාලයෙන් ඉවත් වෙන්න කියලා ලිපියක් මගින් දන්වල තිබ්බා.මම නම් එය අවසානයේ කාර්යාලයෙන් ඉවත්වෙනවා කියාලා ඇයට දන්වා තියෙද්දී මට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත්  කරලා. මම යන්න සුදානමින් ඉන්නේ පොලිසියට ප්‍රකාශයක් දුන්නා.මම මාසිකව රුපියල් හය දහස බැගින් කුලී මුදල් දීලා තියෙනවා.

මම මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට පක්ෂපාතිව හා එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ කටයුතු කිරීම නිසා දේශපාලනමය වශයෙන් මගෙන් පළිගන්න කාර්යාලයෙන් ඉවත් වෙන්න කියන්න ඇති.මම යන්න සුදානම් නමුත් මට විරුද්ධව පැමිණිල්ලක් දාපු එක සම්බන්ධයෙන් කණගාටු වෙනවා. අපිට දේශපාලනයේදි විවිධ මතිමතාන්තර තිබුණත් අපි හිතවතුන් යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පැවසිය.


-බුද්ධික මහේෂ් විජේසුරිය-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment