දන්නැත්නම් කතා කරන්න එපා -රනිල්ගෙන් මන්ත්‍රීවරුන්ට අවවාද


ශ්‍රේෂ්ඨාධිකරණය සහ අනෙකුත් අධිකරණවල විභාග වන නඩු සම්බන්ධව නිසි පරිදි කරුණු නොදැන ඒ
පිළිබඳව අදහස් දැක්වීමෙන් වැළකී සිටින ලෙස
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට අද (22) උපදෙස් දුන්නේය.

පසුගිය දිනවල මාධ්‍ය සාකච්ඡාවලදී හා වෙනත් වැඩසටහන්වලදී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් දක්වා ඇති යම් යම් අදහස් පිළිබඳව අවධානය යොමු කරමින් වික්‍රමසිංහ මහතා මෙම දැනුම්දීම කර තිබේ.

විෂයානුබද්ධ කරුණු පිළිබඳව අදහස් දැක්වීමේදී, වගකීමෙන් හා දැනුම්වත් බවින් යුතුව අදහස් දැක්වීම කළ යුතු බවද විෂය පිළිබඳව ප්‍රාමාණික දැනුවත් බවක් නොමැති අවස්ථාවන්හිදී අදහස් දැක්වීමෙන් වැළකී සිටිය යුතු බවද පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා   අදාළ මන්ත්‍රීවරුන් වෙත වැඩිදුරටත් අවධාරණය කර ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment