පෙරටුගාමීන් ජවිපෙ සමග එක්වන්න කැමතිලු


ජනතා විමුක්ති පෙරමුණ බෙදීමකට ලක්වීමෙන් පසු පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස කොටසක් වෙන්ව ගිය අතර බොහෝ විට ශිෂ්‍ය සටන් වල පෙරමුණ ගත්තේ එම පක්ෂයයි.

කලකට පසු ජනතා විමුක්ති පෙරමුණ

(ජවිපෙ) සමඟ එක්ව කටයුතු කිරීමට ඔවුන් සිය කැමැත්ත ප්‍රකාශ කර තිබේ. පෙරටුගාමී අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා
සඳහන් කරන්නේ වාමවාදීන් ලෙස හැඳින්වූ ඕනෑම පක්ෂයක් දේශපාලනය, ආර්ථිකය හා ව්‍යවස්ථා අර්බුද මත විනාශකාරී තත්වයක් තුළ රට තුළ එක්විය හැකි බව ඔහු දන්වා ඇත.
අද 12 දින ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
වර්තමානයේ පවත්නා අරාජික රාජ්‍යයට මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ වගකිව යුතු බව ඔහු දැක්වීය.
ජනාධිපති ව්‍යවස්ථා අර්බුදයක් ඇති කර ඇති බවත් ඔහුගේ ක්‍රියා කලාපය වගකීම් විරහිත බවත් ඔහු කීය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment