අද (14) තීන්දුව වැරදුණොත් මහින්ද සමග කැබිනට්ටුව ඉවත්වන තීරණයක්?


මේ දිනවල පවතින දේශපාලන වාතාවරණය හමුවේ අධිකරණය
විධායකයට කරන බලපෑම් සුළු පටු නැත. ඊයේ 13 දින ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණයෙන් පසු මහින්ද රාජපක්ෂගේ විජේරාම නිවසේ සන්ධාන ප්‍රධානීන් ඇති කළ සාකච්ඡාව ඊට පසු ජනපති සමග සන්ධාන ප්‍රධානීන් පැවැත්වූ සාකච්ඡාවට වඩා වෙනස් මුහුණුවරක් ගෙන ඇති බව වාර්තා වේ.

ඊයේ අධිකරණ තීන්දුව සමග මෛත්‍රී ජනපතිවරයාට පමණක් නොව මහින්ද රාජපක්ෂ

ප්‍රතිරූපයටද හානි සිදුව ඇති බව ඔවුන් පෙන්වාදී ඇති අතර මෙම කාරණාව මත මධ්‍යස්ථ ඡන්ද රාශියක් මහින්දට අවාසිවන ලෙස ඉදිරි මැතිවරණවලදී හැසිරෙනු ඇතැයි කතාවී තිබේ.

මේ අනුව ඔවුන් වැඩිදෙනෙකුගේ අදහසවී ඇත්තේ බලය මත කෑදරව එල්ලී ඉන්නට දිගටම බංකොළොත් ශ්‍රිලනිපය තීන්දු කර ඇත්තේ වෙනත් විකල්පයක් නැති නිසා බවයි.

මේ නිසා වඩා වැදගත් හා කාලෝචිත පියවරක් ලෙස අගමැති ධූරයෙන් ඉල්ලා අස්වී මහින්ද ඇතුළු පිරිස යළි විපක්ෂයේ වාඩිවීම ප්‍රඥාගෝචර බව ය.
කෙසේ වෙතත් අද 14 අධිකරණය මහින්දගේ තනතුරට දුන් අතුරු තහනමට එරෙහි තීන්දුවක් දුන්නේ නැතිනම් මෙම ක්‍රියාව සිදුකරන්නටත් ඔවුන් කතිකා කළ බව දේශපාලන ආරංචි හෙළි කරයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment