මහින්දගේ බැනර් ගලවන්න ගිහින් ලේක් හවුස් අසල නොසන්සුන්තාවයක්

අද ජනපතිවරයාගේ තීන්දුවකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබාදීමෙන් අනතුරුව
ලේක් හවුස් ආයතනය අසල යම් නොසන්සුන්තාවයක් ඇති වී ඇත. ඒ හේතුවෙන් එම ආයතනය අසල දැඩි ආරක්ෂාවක් යොදවා තිබූ අතර විශේෂ කාර්ය බලකාය හා කැරළිමර්දන ඒකකද කැඳවන ලදි.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබාදීමෙන් අනතුරුව අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී එක්සත් ජාතික පෙරමුණේ ආධාරකරුවන් සිය සතුට සමරා ඇති අතර අනතුරුව
එම අධාරකරුවන් අතරින් පිරිසක් ලේක් හවුස් ආයතනය ඉදිරිපිටට පැමිණ එහි තිබූ මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කරමින් ප්‍රදර්ශනය කර තිබූ බැනර් ඉවත් කිරීමට යාමේදී සේවකයින් සමග ගැටුමක් ඇති විය.
එම ගැටුම අවස්ථාවේ එජාප නාගරික මන්ත්‍රීවරියක තුවාල ලද බවට පොලිස් පැමිණිල්ලක්ද දමා ඇත.
කෙසේ වෙතත් විශේෂ කාර්ය බලකාය හා කැරළිමර්දන ඒකක සිද්ධිය සම්පූර්ණයෙන්ම පාලනය කර තිබුණි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment