2018 වැඩිම ජන ප්‍රසාදය ලද කාන්තාව මිෂෙල් ඔබාමා


පසුගියදා ප්‍රකාශයට පත් කරන ලද 2018 ගැලප් මත විමසුම් ප්‍රතිඵලයට (Gallup poll) අනුව

ඇමෙරිකා එක්සත් ජනපද ජනතාව ලොව වඩාත්ම අගය කරන කාන්තාව ලෙස මිෂෙල් ඔබාමා මහත්මිය පළමු ස්ථානය හිමි කරගෙන ඇත. මින්පෙර නොකඩවා 17 වරක් එම ස්ථානය අයත් කරගනිමින් සිටි තවත් හිටපු ජනාධිපති ආර්යාවක් වන හිලර් ක්ලින්ටන් මහත්මියට මෙවර හිමිවී ඇත්තේ තුන් වැනි ස්ථානයයි. දෙසැම්බර් 3 සිට 12 වැනිදා දක්වා පැවති මේ වසරේ ගැලප් මත විමසුමට ඇමරිකානුවන් 1,025ක් දායක වූ අතර, ඉන් 15%ක් මිෂෙල් ඔබාමා හට වැඩි මනාපය ප්‍රකාශ කර ඇත.

ඇය මේ දිනවල සිටින්නේ "Becoming” නමැති සිය චරිතාපදාන ග්‍රන්ථයේ ප්‍රචාරක කටයුතුවල නිරත වෙමිනි. දෙවැනි ස්ථානය ඔප්රා වින්ෆ්‍රි හට අත් වන අතර වත්මන් ජනාධිපති ආර්යාව වන මෙලනියා ට්‍රම්ප් හට සිව් වැනි ස්ථානය හිමි වී ඇත. මේ අතර ඇමෙරිකානුවන්ගේ ප්‍රියතම පුරුෂයා ලෙස බැරක් ඔබාමා මහතා නොකඩවා 11 වැනි වරටත් වැඩිම මනාප ලබා ඇතැයි ගැලප් සමීක්ෂණ වාර්තාව තවදුරටත් සඳහන් කරයි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සිව් වැනි වරටත් දෙවැනි ස්ථානය ලබා සිටී. 1935 දී ජෝර්ජ් ගැලප් විසින් අරඹන ලද සමාගම ලොව පුරා ජනමත විමසුම් පැවැත්වීම පිළිබද ප්‍රසිද්ධියක් උසුලයි. 1948 වසරේ සිට (1976 හැර) වාර්ෂිකව ඔවුන් ජනමත විමසුම් පවත්වා තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment