කුමන්ත්‍රණ අස්සේ ජනාධිපති නීතීඥයින් 25ක් පත් කිරීමට යයි !


ජනාධිපති නීතිඥවරුන් 25 දෙනෙකු අලුතින් පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සූදානම් වන බව වාර්තා වේ.

නීතිඥ වෘත්තියේ වසර 25කට වැඩි කාලයක් සේවය කළ නීතිඥවරුන් අතරින් රටට සේවයක් කළ අය තෝරා ජනාධිපති නීතිඥ තනතුරුවලට පත්කිරීමට ව්‍යවස්ථාවෙන් පැවරී තිබෙන බලය අනුව නව පත්වීම් ලබාදීමට සැරසේ.

මේ සඳහා සුදුසු නීතිඥවරුන්ගේ නාමලේඛනයක් විශේෂ උපදේශක කමිටුවක් විසින් සකස් කර ජනාධිපතිවරයාට පසුගියදා භාර දී ඇති බවද මේ අතර වාර්තා වේ.

ඔවුන් සඳහා පත්වීම් ප්‍රදානය ලබන ජනවාරියේදී සිදුකිරීමට නියමිතය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment