සන්ධාන නායකයින් ජනපති හමුවී තීරණයක් ගැනීමට යයි !

පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට තීරණය කර ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයින් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් ඊයේ (08) පස්වරුවේ පැවැති අතර එහිදී මෙම තීරණයට එළඹුනු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසිය.

මෙම සාකච්ඡාවට දයාසිරි ජයසේකර සහ නිමල් සිරිපාල ද සිල්වා යන පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් ද එක්ව සිටි බවද විමල් වීරවංශ මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මෙම සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතාමෙසේ පැවසිය.

"අපි අනාගතයේ හැම ජවනිකාව දිහාම බැලුවා.. නඩු තීන්දුව එන්නේ කවද්ද?.. අපේ පැත්තට ඒවිද?.. ශ්‍රේෂ්ඨාධිකරණයේ අපි දාන ඇපෑල ගැන. 12 වැනිදා ඉදිරිපත් කරන යෝජනාව නිසා උද්ගතවන කරුණු ආදිය තමයි අපි අවධානයට ගත්තේ.

පාර්ලිමේන්තුවක් රැස්වෙන්න බෑනේ ආණ්ඩු පක්ෂයක් නැතුව. රනිල්ගෙ සභාවෙන් ගේනවාඉල්ලීමක්. අගමැතිධූරයට එයාව පත් කරන්න කියලා. කොහොම වුණත් අපිට පාර්ලිමේන්තු යන්න වෙනවා නේ. ජනවාරියේ හරි. ඒවා ගැන තමයි කතා කළේ. අපි 113 න ගණන් කළා. 113 ගණන් කළාම.. ඒ කිට්ටුවටම එනවා."

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment