පොදු ලකුණු වානා : මහ ඡන්දයට අතත් පොහොට්ටුවෙන්.


ඉදිරි මහ මැතිවරණයකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට (පොහොට්ටුවට) හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක්ව තරග කිරීමට පොදු ලකුණක් අවශ්‍ය නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයද තරග කළ යුත්තේ පොදුජන පෙරමුණට අයත් පොහොට්ටුව ලකුණින් බව මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියි.

එළඹෙන මහ මැතිවරණයේදී පොහොට්ටුව ලකුණින් තරග කළ යුතු බවට වන යෝජනාවක් ගම්පහ දිස්ත්‍රීක්කය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියළු නියෝජිතයන් එක්ව සම්මත කර ගෙන ඇති බවද ඔහු කියා සිටියේය.

කෙසේවුවද ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ, ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණය පොදු ලකුණකින් තරග කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර තවදුරටත් සාකච්ඡා සිදුවෙමින් පවතින බවයි.

එහෙත් ඒ සම්බන්ධයෙන් පාර්ශව දෙක අතර මෙතෙක් අවසන් එකඟතාවයකට පැමිණ නොමැත.

'පොහොට්ටුව අභියෝගයක් නොවෙයි' - ශ්‍රීලනිප මහ ලේකම්

මේ අතර පොදු ලකුණක් යටතේ තරග කිරීමට ඇති හැකියාව පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති , ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (8) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදි ද සාකච්ඡා වී ඇත.

එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසුයේ, ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සමඟ නිර්මාණය කරන්නා වූ නව සන්ධානයක් හරහා ඉදිරියට යාමට බලාපොරොත්තු වන බවයි.

එමෙන්ම ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිදු අවස්ථාවකදි අභියෝගයක් නොවන බවත් එදිරියෙදි එම පක්ෂය සමඟ සන්ධානගතව කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

කෙසේවුවද දුමින්ද-අමරවීර කණ්ඩායම පොහොට්ටුව ලකුණින් තරඟ කිරීම සම්බන්ධයෙන් බලවත් විරෝධයක් දක්වමින් සිටියි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment