දේශපාලන අර්බුද මැද විදුලිබල මණ්ඩලයේ කෝටි 540ක ගල් අඟුරු ටෙන්ඩර් වංචාවක්!


විදුලිබලය ජනනය කිරීම සදහා අවශ්‍ය ගල් අගුරු තොග මිලදී ගෙන තිබියදී  හදිසියේම ගල් අගුරු ටොන් ලක්ෂ තුනක් (300,000) මිලදී ගැනීම සදහා විදුලිබල අමාත්‍යංශයේ ලේකම් බී.එම්.එස් බටගොඩ විසින් ටෙන්ඩර් කැඳවා ඇති අතර  එළඹෙන 18 වනදා දක්වා ටෙන්ඩර් යොජනා භාර ගැනීමට තීරණය කර තිබේ. 

ගල් අගුරු ටොන් එකක මිල  ඩොලර් 100ක් පමණ වන අතර මෙම ගනුදෙනුවේ සමස්ථ වටිනාකම රුපියල් මිලියන 5,400 ක් හෙවත් කෝටි 540ක් බව අනාවරණය වී තිබේ. 

රටේ මේ වනවිට කැබිනට් මණ්ඩලයක් පවා නොතිබියදී සියලු පාර්ශවයන් නොමන්ග යවමින් විදුලිබල අමාත්‍යංශයේ ලේකම්වරයා මෙම ගණුදෙනුව සිදුකිරීමට සූදානම්ව සිටියි.


මින් පෙර අවස්ථාවකදීද ගල් අගුරු මිලදී ගැනීම සම්බන්ධ ගැටලුවකදී ශ්‍රේෂ්ඨාධිකරණයේ උදහසට ලක්ව සිටින බී.එම්.එස් බටගොඩ අමාත්‍යංශ ලේකම්වරයා කෙරවලපිටිය නව බලාගාරය ඉදිකිරීම සම්බන්ධ ටෙන්ඩරය චීනයට පැවරීමටද දැඩි ආයාසයකින් ක්‍රියාකරන ලදි.

ආණ්ඩු වෙනසත් සමඟ සියලු අමාත්‍යංශ ලේකම්වරු වෙනස් වුවද  විදුලිබල අමාත්‍යංශයේ ලේකම්වරයා වෙනස් නොවූයේ  ඔහු සහ ජනාධිපතිවරයා අතර පවතින සමීප සම්බන්ධතාවය හේතුවෙන්ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment