විකෘති කරන ලද නොට්ටු මාරු කරගන්න 31 දක්වා තවත් අවස්ථාවක්


සිතාමතා විකෘති කරන ලද හානිකරන ලද හෝ වෙනස් කරන ලද ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදල් නෝට්ටු මේ මස
31 වැනිදා දක්වා
ශ්‍රී ලංකා මහබැංකුවේ ප්‍රධාන කාර්යාලයෙන් හෝ ළඟම ඇති මහබැංකු ප්‍රාදේශීය කාර්යාලයට බාරදීමෙන් හුවමාරු කරගන්නා ලෙස ශ්‍රී ලංකා මහබැංකුව මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. එසේම ශ්‍රී ලංකා මහබැංකුවේ වෙබ් අඩවියේ ඇති අයැදුම්පත නිසිලෙස සම්පූර්ණ කර මහබැංකු ප්‍රධාන කාර්යාලයට ලියාපදිංචි තැපෑල හරහා එවීමෙන් ද එවැනි ව්‍යවහාර මුදල් නෝට්ටු හුවමාරු කරගත හැකි බවද මහ බැංකුව පවසයි.

ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදල් නෝට්ටු සිතාමතා විකෘති කිරීම, හානි කිරීම හා වෙනස් කිරීම 1949 අංක 58 දරන මුදල් නීති පනත යටතේ දඩමුදලකට යටත් කිරීම හෝ සිරගත කිරීම හෝ එම දඬුවම් දෙකම ලබාදිය හැකි වරදක් බවද මහබැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව පවසයි.

-මහින්ද නිශ්ශංක-

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment