ජොන්ස්ටන්ගේ නඩුවත් ලබන වසරට කල්යයි


අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිය වාර්ෂික වත්කම් සහ බැරකම් වාර්තා ඉදිරිපත් නොකිරීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව
අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවට අදාළ ලිඛිත දේශනා ජනවාරි මස 22 වනදා ඉදිරිපත් කරන මෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියෙ කැඳවනු ලැබීය.

එහිදී විත්තියේ
සහ පැමිණිලි පාර්නීශවයෙ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවේ පූර්වගාමී විනිසුරුවරයා ඉදිරියේ ඉදිරිපත් කරන ලද සාක්ෂි පදනම් කරගෙන මෙම නඩුව පවත්වාගෙන යාමට අධිකරණය හමුවේ එකඟතාව පළ කළේය.

ඒ අනුව නඩුවට අදාළ ලිඛිත දේශනා ජනවාරි මස 02  වන දා ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය පාර්ශවකරුවන්ට නියම කළේය.

2010 වසර සහ 2014 වසර දක්වා වූ කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිය වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශය ඉදිරිපත් නොකිරීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment