රනිල් අගමැති කරන්න ජනතාව පාරට බස්සන්න එජාප සූදානමක්


  එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ලෙස  පත් කරන්නැයි බල කරමින් කොළඹ දක්වා ගමන් ගන්නා ජනබල මෙහෙයුම  ආරම්භ කරන දිනය, ස්ථානය සහ වේලාව ආදී කරුණු
සියල්ල හෙට(05) ප‍්‍රකාශයට  පත් කරනු ලැබුවත් ජනබල මෙහෙයුමේ  ගමනාන්තය කොතනදැයි කලින් හෙළි නොකරන බව ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වජිර අබේවර්ධන මහතා ප‍්‍රකාශ කළේය.

ආණ්ඩුවට එරෙහිව සම්මත වූ විශ්වාසභංග යෝජනාව අනුව කටයුතු කරන්නැයි

ඉල්ලමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන යෝජනාව  හෙට(05) පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන්  සම්මත කිරීමෙන් පසුව ජනබල මෙහෙයුම පිළිබඳ  තොරතුරු ප‍්‍රකාශයට  පත්කිරිමට නියමිතව ඇතැයිද වජිර අබේවර්ධන  මහතා වැඩිදුරටත් කීවේය.

දින තුනක් පුරා  ගමින් ගම නගරයෙන් නගරය පසු කරමින් මිලියනයකට අධික ජනතාවක් සමග ජනබල මෙහෙයුම කොළඹට ඇතුළුවන බවද ඔහු පැවැසීය.

කොළඹට ඇතුලූවන ජනබල මෙහෙයුමේ ගමනාන්තය පමනක් අවසන් මොහොත වනතෙක්ම හෙළි නොකීරීමට  එක්සත් ජාතික පෙරමුණේ සියලූම නායකයින්  තීරණය කර ඇතැයිද වජිර අබේවර්ධන මහතා සදහන් කළේය.

 (නිමල කොඩිතුවක්කු)          


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment