ඊයේ පැවති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේදී එජාප නව රජයට සහය පළ කිරීම හා නොකිරීම සම්බන්ධයෙන් දැනට ශ්‍රිලනිපයේ සිටින ප්‍රධානීන් හා ජනපති අතර දීර්ඝ සාකච්ඡාවක් පැවති අතර ඇතැම් අය එකිනෙකා අතර මත ගැටුම් ඇති කරගත් බවද
අභ්‍යන්තර ආරංචි අනාවරණය කරයි.
ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා බවසා ඇත්තේ 2015 ජනතා බලාපොරොත්තු ගැන කල්පණා කර නව රජයට සහාය දැක්වීම ගැටලුවක් නොවන බවත් තමන් ඇතුලු පිරිසකට මහින්ද සමග පෑහීමට අවශ්‍යතාවක් නැති බවත්ය. ලක්‍ෂ්මන් සෙනෙවිරත්න,
එම අවස්තාවේ මහින්ද අමරවීර මන්ත්‍රීවරයා සහ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා වචන හුවමාරුවක් සිදු කරගෙන ඇත්තේ පක්‍ෂය හැර ගිය සහ හැර යන අයට විනය ක්‍රියාමාර්ග ගන්නේ නම් අතීතයට ද එය බලපෑ යුතු බව කීම නිසාය. ෆයිසර් මුස්‌තාපා මන්ත්‍රීවරයා ද මෙම බහින්බස්‌වීමට එක්ව ඇත.
ඉදිරි දිනවලදී දුමින්ද දිසානායක මහින්ද අමරවීර යන අය එජාපයේ සහායට එනු ඇති බවට එම අවස්ථාවේ සාකච්ඡාව අනුව පෙනී ගොස් ඇත.
පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට ඊයේ (19) නම් කරනු ලැබූ මහින්ද අමරවීර මහතා එම තනතුරින් ඉල්ලා අස්වීමට ඉඩ ඇතැයිද වාර්තාවන අතර ඔහු අදදින 50 ආණ්ඩුවෙන් සිය ඇමති ධූර ඉවත්වීමෙන් පසු බඩු භාරදෙන අයුරු ඡායාරූපයකටද පෙනී සිටියේය.
මේ වනවිට පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රීලනිපට සහාය දෙන සංඛ්‍යාව 18 දක්වා පහත බැස තිබේ.
0 comments :
Post a Comment