නොසැලකිලිමත් ලොරි ධාවනය නිසා ප්‍රසිද්ධ කැඩුම් බිඳුම් වෛද්‍යවරයා මරුට


 මඩකලපුව අම්පාර මායිමේ කල්මුනේ පොලිස්‌ වසමට අයත් පෙරියනීලාවනෛ ප්‍රධාන මාර්ගයේ 17 දා සවස ඇතිවූ රිය අනතුරකින් ප්‍රසිද්ධ කැඩුම් බිඳුම් වෛද්‍යවරයකු
වූ සෙල්ලතම්බි නමසිවායම් මියගියේය. ඔහු සමග ගමන් කළ ඔහුගේ මුනුබුරන් වූ නිවුන් සොයුරන් දෙදෙනා බරපතළ තුවාල ලබා කල්මුණේ මූලික රෝහලට ඇතුළත් කරන ලදී.
 මෙම අනතුර පෙරියනීලාවනෛ ප්‍රධාන මාර්ගයේදී සිදුවුණි.
අනතුරෙන් පෙරියනීලාවනෛ කැඩුම් බිඳුම්
වෛද්‍යවරයා ලෙස කටයුතු කරන කෝට්‌ටේ කල්ලාරුහි සෙල්ලතම්බි නමසිවායම් මහතා මියයන විට 68 වන වියෙහි පසුවිය.
 ඔහු සමග ගමන් කළ වී. තේමිජන් (7), වී. චේනිජන් (7) යන දරුවන් බරපතළ තුවාල ලබමින් කල්මුනේ මූලික රෝහලට ඇතුළත් කර ඇත. කල්මුනේ සිට පැමිණි බරවාහනයක්‌ රියදුරුගේ
 නොසැලකිලිමත් කමින් මාර්ගයේ ඉදිරියෙන් ආ ත්‍රිරෝද රථයේ හැපී ඇත. බරවාහනයේ හැපුණු ත්‍රිරෝද රථයෙහි සිටි කැඩුම් බිඳුම් වෛද්‍යවරයා එම ස්‌ථානයේම මියගියේය. අනතුර සිදුකර පලාගිය බරවාහන රියදුරා ජනතාව විසින් එලවා ගොස්‌ අල්ලා ගන්නා ලදී.
එම ස්‌ථානයට විගස පැමිණි පොලිසිය රියදුරු අත්අඩංගුවට ගත්තේය.  අනතුර සිදුකළ වාහනය පරීක්‍ෂා කළ තරුණයන් එය තුළ තිබී ගංජා ස්‌වල්පයක්‌ සොයාගෙන පොලිසියට භාර දී ඇත. මෙම අනතුර සම්බන්ධව කල්මුනේ පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ  පවත්වයි.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment