තීන්දුව වැරදුනොත් ජනපති ජනමත විචාරණයකට යන සූදානමක්


අධිකරණ තීන්දුවෙන් පසුව ගතයුතු අවසන් ක්‍රියාමාර්ගය සම්බන්ධ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රි
කණ්ඩායම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ අද (10)දහවල්  සාකච්ඡාවක් පවත්වා තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග අද පෙරවරු 8.00ට ජනපති
සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී තීරණ කිහිපයක් ලබාගෙන අවසන් විසඳුම කුමක්දැයි සියල්ලන් සමග සාකච්ඡා කරන්නට ජනපති මෙය කැඳවා ඇත.
අධිකරණය මගින් මහමැතිවරණයක් පවැත්වීම වළක්වාලමින් තීන්දුවක් ලබාදුනහොත් මහමැතිවරණයක් අවශ්‍යද නැද්ද යන්න ජනතාවගෙවන් විමසීමට ජනමත විචාරණක් පැවැත්වීම අවසන් විසඳුම වනු ඇතැයිද ඒ අනුව ජනපති ජනමත විචාරණයකට යනු ඇතැයිද එක් ආරංචියකින් කියැවේ.
අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී රෝහිත අබේගුණවර්ධන මන්‍ර්තීවරයාද මෙම අදහස ගැන පැහැදිලි කර තිබුණි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment