නීතිය හා සාමයට නව අමාත්‍යවරයෙක්?

නීතිය හා සාමය අමාත්‍යාංශය සඳහා ඉදිරියේදී නව අමාත්‍යවරයෙකු පත්කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

නීතිය හා සාමය අමාත්‍යාංශය කෙටි කාලයක් සඳහා තමා යටතේ තබාගැනීමට අවශ්‍ය බව ජනාධිපති සිරිසේන එක්සත් ජාතික පක්ෂයට දන්වා ඇති අතර, ඉදිරියේදී ඒ සඳහා අමාත්‍යවරයෙක් පත්කිරීමටද ජනාධිපතිවරයා එකඟවී ඇති බවද එම ආරංචිමාර්ග පවසයි.

වාර්තා වන ආකාරයට ඒ ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණයක් සම්බන්ධයෙන් දැනට සිදුකරන පරීක්ෂණ අවසන් වනතෙක් මාසයක් වැනි කාලයට එම අමාත්‍යාංශය තමා යටතේ තබාගත යුතු බවට සිරිසේන ජනාධිපති දරන ස්ථාවරය නිසාය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment