කොළඹ ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීමකින් අයෙක් මරුට – තිදෙනෙකුට තුවාල


කොළඹ ග්‍රෑන්ඩ්පාස් හේනමුල්ල නිවාස සංකීර්ණය ඉදිරිපිට දී සිදුවූ වෙඩි තැබීමකින් එක් අයෙක් මියගොස්
තවත් පුද්ගලයින්
තිදෙනෙකු තුවාල ලබා තිබෙයි.
පොලීසිය පැවසුවේ ‌අද පෙරවරු 8.00ට පමණ මෙම වෙඩි තැබීම සිදුවූ බවයි.
මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලැබූ අතර, කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී එක් අයෙකු මියගොස් ඇති බව පොලීසිය සදහන් කළා.
මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ වයස අවුරුදු 32ක් වූ දිනේෂ් එරංග නමැති කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා.
දැනට මෙම වෙඩි තැබීම සිදුකළ බවට සැකකරනු ලබන්නේ සංවිධානාත්මක අපරාධකරුවකු වන බ්ලූමැන්ඩල් සංඛ යන අය බවයි පොලීසිය පවසන්නේ.
තුවාල ලැබූ තිදෙනා කොළඹ ජාතික රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබනවා.
ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනවා
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment