ජනප්‍රිය ඉන්දීය සිනමා නළුවකු හා තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ
එම්.ජී.ආර්. හෙවත්
රාමචන්ද්‍රන්ගේ ප්‍රතිමාවක් යාපනය කල්වියන්කාඩු මංසන්ධියේදී නිරාවරණය කෙරුණි. දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභාවේ මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් මහතා අතින් මෙම ප්‍රතිමාව නිරාවරණය කෙරුණේ එම්.ජී.ආර්.ගේ තිස් එක්වැනි ගුණ සමරුව නිමිත්තෙනි.
යාපනයේ කෝපායි පළාතේ සිටින එස්. සුන්දරලිංගම් නමැති එම්.ජී.ආර්.ගේ රසිකයකුගේ පෞද්ගලික ධනයෙන් මෙම ප්‍රතිමාව ඉදිකොට ඇති අතර එය නිරාවරණය කළ අවස්ථාවේදී එම්.ජී.ආර්. ගේ රසික රසිකාවියන් විශාල පිරිසක්ද එම අවස්ථාවට සහභාගි වී සිටියහ.
-රසාදි චතුරංගී ගමගේ-
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment