පහරදී හිරේ ගිය සොයිසා මං සාමාන්‍යයි කියා බන්ධනාගාර රෝහල ප්‍රතික්ෂේප කරලා


කුරුවිට රක්ෂිත බන්ධනාගාරයේ සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා කිසියම් රෝගී තත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගත්තද බන්ධනාගාර රෝහල වෙත යැම ප්‍රතික්ෂේප කර තිබෙන බව වාර්තා වේ.
සාමාන්‍ය රැඳවියන් සමඟම

රක්ෂිත බන්ධනාගාරයේ සිටීමට පාර්ලිමේන්තු මන්ත්‍රි සොයිසා තීරණය කර ඇති අතර ප්‍රතිකාර කටයුතුද එහිදී සිදුකර ගැනීමට  තීරණය කර තිබේ.
තමන් සාමාන්‍ය ජනතාව සමඟ සිටින ජනතා නියෝජිතයකු වශයෙන් බන්ධනාගාරය තුළදීද එහි සිටින රැඳවියන් සමඟ එම ජීවිතය ගත කළ යුතු බව ඔහු බැලීමට බන්ධනාගාරයට පැමිණි කිහිපදෙනකුටම ප්‍රකාශ කර තිබේ.

මේ අතර රංජිත් ද සොයිසාට ආශීර්වාද කරමින් අද (26දා) දින සවස 4.00ට ගොඩකවෙල මහින්ද මහා විහාරස්ථානයේදී බෝධි පූජා පින්කමක් ගොඩකවෙල ප්‍රදේශවාසීන් විසින් සංවිධානය කොට තිබේ.

පසුගිය 16 දින ගොඩකවෙල පොලිස් වසමේ වේරහැර ප‍්‍රදේශයේදී පිරිසක් සමග එක්ව පුද්ගලයෙකුට පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් රංජිත් ද සොයිසා සහ 4 දෙනෙකු  2019 ජනවාරි 01 වැනිදා දක්වා දින 12 කට රක්ෂිත බන්ධනාගාරගත කොට ඇත.
පසුගියදා පාර්ලිමේන්තුවේදී කතානායකවරයාට කුණු බාල්දියකින් දමාගැසීමේ සිද්ධිය නිසාද සොයිසා මන්ත්‍රීවරයා කථාබහට ලක්විය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment