මනුෂගේ සොයුරා අත්අඩංගුවට


පොහොට්ටුව පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ නිවසකට පහරදී අලාබ කිරීමේ චෝදනා යටතේ
තිසර නානායක්කාර නමැත්තෙකු අත්අඩංගුවට පත්ව අද සිට ලබන 24 දක්වා රිමාන්ඩ් භාරයේ තබන්නට අධිකරණය නියෝග කර තිබේ.
මොහු පසුගියදා සන්ධානයෙන් ඉවත්ව එජාපයේ සහායට ආ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාරගේ සොයුරෙකු බව කියැවේ.
මේවා දේශපාලන මඩ හා පලිගැනීම් බව මනුෂ ප්‍රකාශ කර ඇත.
ඊයේ රැස්වීමකදී මනුෂ මෙසේ කීය.
'අද මහින්ද රාජපක්ෂලාගේ ගෝලයින්ට අපිත් එක් ලොකු වෛරයක් ඇතිවෙලා තියෙනවා. ඒ අයට රටට වෙලා තියෙන හානිය ගැන කිසිම හැගීමක් නෑ. රටට වෙලා තියෙන කාලකණ්නිකම ගැන කිසිම ප්‍රශ්ණයක් නෑ. ජාත්‍යන්තරයෙන් අපේ රට කොන් වෙන එක ගැන ඒ අයට ප්‍රශ්ණයක් නෑ. අද ප්‍රශ්ණය තියෙන්නේ මේ රැල්ල වෙනස් කරපු මනුෂත් එක්කයි.
ඒ නිසා තමයි අද අපිට නොයෙක් අපවාද, චෝදනා එල්ල කරන්නේ. දැන් අපිට මඩ ගහන්න අරගෙන තියෙනවා. තැන් තැන්වල අපිට විරුද්ධව උද්ඝෝෂණ කරන්න පටන්ගෙන තියෙනවා. තැන් තැන්වල අභූත චෝදනා කරන්න පටන් අරගෙන තියෙනවා. මේ චෝදනා එල්ල කරාට අපි බය නෑ.'
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment