නැවත අර්බුද -සම්පූර්ණ ඇමති මණ්ඩල දිවුරුම්දීම තව කල් යන ලකුණු

https://www.gossiplankanews.com/2018/12/maithripala-troubles-with-new-minister-posts.html#more
නිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස පසුගිය ඉරිදා දිවුරුම් දීම මගින් පසුගිය කාලයේ පැවති විධායක තීන්දු සම්බන්ධ අර්බුද නිමා කර රටේ කිසියම් ස්ථාවරයක් සලසන විසඳුමක් ලැබුණ බව පෙනෙන්නට තිබුණත් මෛත්‍රී ජනපති සමග එජාපයට ඇමති තනතුරු සම්බන්ධ එකඟතාවයකට එන්නට අපහසුවීම නිසා නැවත අර්බුද මතුවී ඇමති මණ්ඩල දිවුරුම තවත් කල්යන ලකුණු පහළ කර තිබේ.
නව අමාත්‍ය මණ්ඩලය
මුලින් සඳුදා (17) ද පසුව ඊයේ (18) පෙරවරුවේද දිවුරුම් දෙන බවට ඊට පෙර ප්‍රකාශ වුවද අද (19) උදැසන වනවිටත් දිවුරුම් දෙන්නට සූදානමක් නැති බව වාර්තාවේ. මෙම ගැටලු මැද රජයේ අමාත්‍යංශ තවදුරටත් අකර්මන්‍යවීම වැළැක්වීමට ඇමති මඩුල්ලෙන් කොටසක් හෝ අද (19) සන්ධ්‍යා කාලයේ හෝ හෙට (20) උදේ දිවුරුම් දිය යුතු යයි එජාපයේ අදහසවී ඇති අතර ජනපති පාර්ශ්වයෙන් තවම අවසන් එකඟතාවය ලැබී නැත.

එජාප ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත කියා තිබුනේ අද හෝ හෙට 20 ක්

දිවුරුම්දී ඉතිරි 10 දෙනා සිකුරාදා දිවුරුම් දෙන බවකි.
එනමුත් අද සන්ධ්‍යාවේද ඇමති මණ්ඩලය දිවුරුම් දීම අවිනිශ්චිත තත්ත්වයක පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයට පත් කෙරෙන මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඊයේ (18) දහවල් යවා තිබූ අතර සරත් ෆොන්සේකාට කැබිනට් ඇමති ධූරයක් ලබාදීම, රාජිත සේනාරත්නට සෞඛ්‍ය ඇමති ධූරය ලබාදීම, රවී කරුණානායකට මුදල් ඇමති ධූරය ලබාදීම ඇතුළු කාරණා කිහිපයකට ජනපතිවරයා විරෝධය පළ කර ඇති බව නිල නොවන ආරංචි වාර්තා කර තිබේ.

එසේම මින් ඉහත වාර්තා වූයේ නීතිය හා සාමය ඇමති ධූරය සහ ජන මාධ්‍ය ඇමති ධූරය ජනපති සන්තකයේ තබාගන්නා බවකි. එජාපය පොලිසියට බලපෑම් කරාවි යන අදහසින් නීතිය හා සාමය තබාගන්නටත් ඉදිරි මැතිවරණවලදී එජාපය මාධ්‍ය තුලින් වාසි

ලබාගැනීම වැළැක්වීමට ජනමාධ්‍ය විෂය ජනපති සන්තකයේ තබාගන්නටත් අපේක්ෂා කළ බව දේශපාලන ආරංචි වාර්තා කර තිබුණි.

කෙසේ වෙතත් සෙනසුරාදා වනවිට ජනපතිගේ අදහසවී තිබුනේ කැබිනට් මන්ඩලය තුළ ශ්‍රිලනිප ශක්තියද සමග කටයුතු කිරීම තමන්ගේ වාසියට හේතුවන බවකි. ඒ අනුව දුමින්ද දිසානායක ඇතුළු පිරිසකට කැමතිනං එජාපෙට සහාය දෙන්න මගේ විරුද්ධත්වයක් නෑ යනුවෙන්ද කියා තිබුණ නමුත් පසුව මෙම අදහස් ජනපති වෙනස් කළේය.

තමන්ගේ ශ්‍රීලනිප 21 කණ්ඩායමේ කිසිවකුට එජාපයට සහය දීම වළක්වමින් ජනපති නියෝග නිකුත් කළ නමුත් ඊට පසුවත් ඇතැමුන් කිහිපදෙනෙකු එජාපයේ සහායට ඊයේ එකතුවී තිබීම හා තවත් අය මේ වනවිටත් මංගල හා මලික් සමග මුහුණට මුහුණ සාකච්ඡා පවත්වා ඇති බවට ජනපතිට ආරංචිවීම නිසා තම කණ්ඩායම රැකගැනීමේ අර්බුදයක ජනපති සිටින අතර ශ්‍රීලනිප කිසිවෙකුට තමා අතින් ඇමති ධූර නොලැබෙනු ඇතැයි තරයේ ප්‍රකාශ කර තිබේ.

(මින් ඉහත චන්ද්‍රිකා ජනපතිවී රනිල් අගමැතිවූ සමයේ චන්ද්‍රිකාට විරුද්ධවූ එස්බීට ඇමති ධූර පිරිනමන්නට ඇයට සිදුවූ අතර ඇය අහක බලාගෙන පත්වීම ලබාදුන්නාය)
මෙම වාතාවරණය තුළ සම්පූර්ණ ඇමති මණ්ඩල දිවුරුම දින කිහිපයකට කල්ගොස් ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment