රජයේ කිසිම උත්සවයක් මින් පසු හෝටල්වල බෑ - ජනපති


අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා හා ව්‍යවස්ථාපීත මණ්ඩල ප්‍රමුඛ සියලුම රජයේ ආයතනවලට අයත් උත්සව, රැස්වීම් සහ විවිධ වැඩසටහන් පෞද්ගලික හෝටල් සුබෝපභෝගී හෝටල්වල පැවැත්වීමට
සම්පුර්ණයෙන්ම තහනම් කරමින්
නව චක්‍රලේඛයක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි නිකුත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

මෙම ජානාධිපතිවරයාගේ උපදෙස් පරිදි ඒ සම්බන්ධව සියලු රාජ්‍ය නිලධාරීන්ට ඊයේ (6දා) දන්වා යැවූ බවද එම නිවේදනයේ දැක්වේ. මෙවැනි වැඩසටහන් පැවැත්වීම සඳහා රජයට සම්බන්ධ ශ්‍රවණාගාර සහ ආයතන රැසක් තිබියදී ඒවා භාවිත නොකර ඉතා අධික මිල ගණන් ගෙවා රජයේ උත්සව සහ වැඩසටහන් සුබෝපභෝගී හෝටල්වල පැවැත්වීම මඟින් සිදුවන අධික මුදල් නාස්තිය වැළැක්වීම හා රජයේ වියදම් පාලනය කිරීමේ පියවරක් ලෙස ජනාධිපති මෙමත්‍රිපාල සිරීසේන මහතා මෙම තීරණය ගෙන තිබේ.

-පහන් විජේසේකර-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment